Thursday, January 22, 2015

අමතක වුණා නුඹ



දගකාර හුරතලී
මගේ පුංචි පැටික්කී
දවස් කොතරම් ගතවුනීද
සිහිනෙකින් වත් නොදැක
ඔබෙ රුව

තනිකමේ පාලුවේ
උන්නු මම සැනසුවේ
වෙන කෙනෙකු
අමතක වුණා නුඹ මගේ බව
නුඹ නැතිව සිටි  වෙලේ

උදෑසන  එන විටදී වැඩට මං
තාප්පය උඩ තබා ඇති
අල්ලපු ගෙදර චූටි දූගේ
කලුපාට සපත්තු කුට්ටම
අහෝ නුඹ මගේ පුංචි  දෝණී
ලගදීම එනවා බලන්නට නුඹ සමග මෑණී